සිනහව මිල කල නොහැක
ඔබේ සිනහවේ ඇති වටිනාකම කෙතරම්ද යන්න ඔබට කවදාක හෝ දැනී ඇත්ද? සිනහව ගැන බොහෝ වදන් එදා මෙදා තුර හමු වී ඇති නමුත් සිනහවකට කොයි තරම් බලපෑමක් කරන්නට පුළුවන්ද කියල ප්‍රායෝගිකව මගෙ ජීවිතේට තදින්ම දැනුන දවසක් අද. අපි හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අවංකව හදවතින් හිනා වෙන්න නෙවෙයි. බොහෝ වෙලවට සමච්චලේට, මූනිච්චාවට තව කෙනෙකුට හිනා වෙන්න. බොහෝ දෙනෙක් බොහෝ වාරයක් ඔයා හැම වෙලේම හිනා වෙලා ඉන්නෙ. ඔයාගෙ හිනාව ලස්සනයි කියල මට කියල තිබුනත් මගේ ඒ හිනාවට ඇත්තටම වටිනාකමක් තියෙනව කියල මට තදින්ම දැනුනෙ අද. (මගෙ හිනාව මෙලෝ රහක් නැති එකක් කියලමයි මට හිතෙන්න හැබැයි 😀) එදිනෙදා ජීවිතේ මට හම්බෙන ඕනෙම කෙනෙක් එක්ක තරාතිරමක් නැතිව දෙපාරක් හිතන්නෙ නැතිව මං හිනාවෙනව. ඕනෙම කෙනෙක් එක්ක මං හරි සුහදව කතා කරනව. ඒක මට පුංචි කාලෙ ඉදන්ම ආව පුරුද්දක්. සමහරක් විට ඒක සමහර දෙනෙක්ට මං ගැන වැරදි දෘෂ්ටිකෝණෙකින් බලන්න හේතුවක් වෙන්නත් පුළුවන්. ඒත් අපිට කිසිම මහන්සියක් වියදමක් නැතුව තවත් මනුස්සයෙක්ට දෙන්න පුළුවන් වටිනාම දේ සිනහව කියල මට අද ප්‍රත්‍යක්ෂ උනා. ඔෆිස් එකේ පුංචි වැඩකට මට අද මහ ගිනි අව්වෙ එලියට යන්න උනා. ඉතින් දාඩිය දාගෙ...